News

අධිවේගීයේ උපරිමය පැයට කිලෝමීටර් 60යි

පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ග භාවිතා කරන රියැදුරන්ට තම රථයේ වේගය පැයට කිලෝමීටර් 60ක සීමාවේ පවත්වාගෙන ධාවනය කරන ලෙසට මාර්ග සංවර්ධන අධිකාරිය ඉල්ලා සිටීයි.

එමෙන්ම අධිවේගී මාර්ගයේ රථ වාහන ධාවනයේදී ප්‍රධාන ලාම්පු දල්වාගෙන ධාවනය කරන ලෙස ද එම අධිකාරිය වැඩිදුරටත් සදහන් කරයි.