News

අධිවේගී මාර්ගයේ ධාවනය වන සුඛෝපභෝගී බස් රථ සේවකයින් වැඩ වර්ජනයක

අධිවේගී මාර්ගයේ ධාවනය වන මීගමුව කොළඹ සියලුම පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සේවකයින් අද උදෑසන සිට සේවයෙන් ඉවත්ව ඇත.

මීගමුව කොළඹ අධිවේගී මාර්ගයේ ධාවනය වීමට ලංගම සාමාන්‍ය සේවා බස් රථ කිහිපයක් එක් කිරීමට විරෝධය පළ කරමින් සේවකයින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.