අන්තරේ කැඳවුම්කරු මහීල්ට ඇප ලැබෙයි
බත්තරමුල්ලේ පැවැත්වූ විරෝධතාවක් අතරතුරදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු මහීල් බණ්ඩාර ඇප මත මුදා හැර ඇත.
ඔහු පසුගිය 14 වන දා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පාර්ලිමේන්තු වටරවුම අසල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවයේදි කළහකාරි ලෙස හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීමෙනි.
ප්‍රතිත්‍රස්ත පනතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර එහිදී උද්ඝෝෂකයින් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුලුගෑස් ප්‍රහාර එල්ල කළේය.