අන්තරේ පාගමනක් නිසා ටවුන්හෝල් අවට දැඩි රථවාහන තදබදයක්
අන්තරේ පාගමනක් හේතුවෙන් කොළඹ ටවුන්හෝල් අවට දැඩි රථවාහන තදබදයක් මේ වන විට පවතින බවට වාර්තා වෙයි.
වයඹ විශ්වවිද්‍යාලයේ සහ තවත් විශ්වවිද්‍යාල කිහිපයක නවක වද ලබාදීමේ සිද්ධීන් මුල් කරගනිමින් දැනට පන්ති තහනමට ලක්ව ඇති සහ බන්ධනාගාර ගත කර ඇති සිසුන් එම චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලා මෙම පාගමන සංවිධානය කර ඇත.