News

අනාරක්ෂිත ළිඳකට වැටී දරුවෙකු මරුට

මුලතිව්,කල්ලපාඩු දකුණ ප්‍රදේශයේ දී අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් කුඩා දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව මුලතිව් පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ ගෙමිදුලේ සිටි දරුවා අනාරක්ෂිත ළිඳට වැටී ඇති බවට මූලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වි ඇති බවයි.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 4ක් වු කල්ලපාඩු දකුණ, මුලතිව් ප්‍රදේශයේ පදිංචි රජිදන් රද්ශන් නැමති කුඩා දරුවෙක් බව වන බවද පොලිසිය පැවසීය. පොලිසිය පැවසූවේ දරුවා ප්‍රතිකාර වෙනුවෙන් මුලතිව් මාංචෝලෙයි රෝහලට ඇතුළත් ‍කොට තිබු අතර,එහිදි දරුවා මියගොස් ඇති බවට අනාවරණය වි ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වවුනියාව – මාධව කුලසූරිය