අනිවාර්ය නිවාඩු යවා සිටින පූජිත්ගෙන් ප්රකාශයක් ගන්න CIDයට අවසර
මේ වන විට නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්රතිකාර ලබන අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් රෝහලේදීම ප්රකාශයක් ලබා ගැනීමට අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබේ.
අප වාර්තාකරු පැවසුවේ කොටුව මහේස්ත්රාත් රංග දිසානායක මහතා විසින් එම අවසරය ලබාදී ඇති බවයි.
පසුගිය 2017 වසරේදී පොලිස් මූලස්ථානයේ සෝපාන ක්රියාකරු ලෙස කටයුතු කළ පොලිස් නිලධාරියෙකුට සාපරාධි බලහත්කාරය පෑම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව එම ප්රකාශය ලබා ගැනීමට නියමිතයි.
