අනුරාධපුරයට කොරෝනා දැඩි අවදානමක්
සංචරණ සීමා ලිහිල් කිරීම හේතුවෙන් බස්නාහිර පළාතේ ජනතාව විශාල වශයෙන් පිට පළාත්වලට සංචාරය ආරම්භ කර තිබේ. ඒ අනුව මේ දිනවල අනුරාධපුර පූජා නගරය ඇතුළු බොහෝ ප්‍රදේශ සංචාරකයන්ගෙන් පිරී යාම දැඩි අවදානමක් බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙසේ අනුරාධපුර ප්‍රදේශයට පැමිණ සිටින පිරිස්වලින් බොහෝදෙනා බස්නාහිර පළාතේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවක පිරිස් බවද හෙළිවී තිබේ. මේ පිළිබඳව අනුරාධපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් සෙනෙවිරත්න මෙසේ කීවේය.
‘‘ඊයේ පෙරේදා ඉඳලා අනුරාධපුරේ සංචාරක ස්ථානවල වගේම පූජා නගරයේ සංචාරකයන් විශාල ලෙස වැඩිවීමක් දකිනවා. තිසා වැව, නුවර වැව, බසවක්කුලම වගේ විශාල වැව්වල වගේම නගරය ආසන්නයේ කුඩා වැව්වලත් මේ සංචාරක පිරිස් ගැවසෙනවා, නානවා. මේක අවදානම් සහගත වැඩක්.’’
කේ.එම්.එස්. කරුණාරත්න-අනුරාධපුර (සංචාරක)