අනුරාධපුර බන්ධනාගාරය තුළ වෙඩි තැබීමක් – රැදවියෙකු මරුට
අනුරාධපුර බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීමකින් රැදවියෙකු මියගොස් තිබේ.
මෙම වෙඩි තැබීමෙන් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.
අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් විසින් බන්ධනාගාරය කඩාගෙන පිටතට පලා යාමට ගත් උත්සාහයක් නිසා මේ වනවිට දැඩි උණුසුම්කාරි වාතාවරණයක් ඇතිවි තිබේ.
මේ වනවිට තත්ත්වය පාලනය කිරිමට පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායම් හා පොලිස් කණ්ඩායම් කැදවා කැරැල්ල මැඩ පැවැත්වීමට වෙඩ් තැබිමටද කටයුතු කර ඇත.
