News

අනුරාධපුර මහ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ සේ්ප්පුව කඩා ලක්ෂ 64ක් සොරා කයි

අනුරාධපුර මහ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ සේ්ප්පුව කඩා එහි තිබූ රුපියල් ලක්ෂ 64 කට ආසන්න මුදලක් සොරා ගෙන ඇත.

කිසියම් පිරිසක් විසින් පරිපාලන ගොඩනැගිල්ලට ඇතුලූවී එහි සේප්පුවේ අගුල විවෘත කර මෙලෙස අදාළ මුදල සොරකම් කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඉන්පසුව ඔවුන් පරිපාලන ගොඩනැගිල්ලේ මුල්‍ය අංශයේ ලිපි ලේඛන තොගයකටද ගිනි තබා ඇත.

අද උදෑසන මූල්‍ය අංශයට ඇතුලූවූ පිරිසිදු කිරීමේ කටයුතුවල යෙදෙන සේවකයන් සිද්ධිය පිළිබඳව පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව මේ පිළිබඳව හෙළිදරව් වී ඇත.