Update – අනුරාධපුර මහ රෝහලේ සේප්පුව කඩා මුදල් ගත් අය හොයන්න පොලිස් කණ්ඩායම් 3 ක් යොදවයි
අනුරාධපුර මහ රෝහලේ පරිපාලන ගොඩනැගිල්ලේ සේප්පුව කඩා එහි තිබූ රුපියල් ලක්ෂ 64කට ආසන්න මුදලක් සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සඳහා පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා ඇති බව වාර්තා වෙයි.
එම රෝහල තුළ ආරක්ෂක කැමරා සවිකර නොතිබීම පරික්ෂණ කටයුතුවලට බාධාවක් බව අනුරාධපුර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කළ අතර මෙම මුදල් සොරකම සිදුකර තිබුනේ පෙරේදා දිනයේය.