අපගේ ජීවිත නඟා සිටුවන ගමන් අසල්වැසියාගේ ජිවිතය නඟා සිටුවීම වගකීමක් – සංගක්කාර
ලෝක අපස්මාර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා අපස්මාර සංගමය විසින් ජාතික අපස්මාර සැමරුම් උළෙල උත්කර්ශවත් ලෙස ඊයේ (11) සංවිධාන කර තිබුණි.
කොළඹ ජාතික රෝහලේ අපස්මාර ඒකකයේ ශ්‍රවණාගාරයේදී මෙම උළෙල සංවිධාන කර තිබුණු අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර ද ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස එයට එක්වී සිටියේය.
එහිදී අදහස් දක්වමින් කුමාර් සංගක්කාර මහතා කියා සිටියේ අපගේ ජීවිත නඟා සිටුවන ගමන් අසල්වැසියාගේ ජිවිතය නඟා සිටුවීමට වගකීමක් ඇති බවත් අපස්මාරය පිළිබඳව විවෘත සංවාදයක් තුළින් එය තුරන් කර ගන්නා ආකාරය, එයට ඇති ඖෂධ සම්බන්ධයෙන් කතිකාවතක් ඇති කිරීමට අද වන විට කාලය එළඹ ඇති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
එමෙන්ම අපස්මාර රෝගීන්ට ප්‍රිතීමත්ව සම අයිතීන් සමඟ සමාජයේ ජීවිත් වීමට ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට අපගේ සහයෝගය ලබා දීමට හැකි නම් ඊට වඩා සාර්ථකත්වයක් අපට තිබිය හැකි ද යන්න ඔහු ප්‍රශ්න කර සිටි අතර ශ්‍රී ලංකා අපස්මාර සංගමය විසින් සංවිධාන කළ විවෘත කෙටි චිත්‍රපට තරගාවලියට අදාළ ත්‍යාග සහ සම්මාන ප්‍රදානය ද එහිදී සිදු කෙරිණි.