News

අපරාධ වලට සම්බන්ධ ආමි නාලක හා ඔහුගේ බිරිඳ අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතන හා කොල්ලකෑම් සිදුකිරීමට තැත්කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙක් හා සැකකාරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

2018/11/27 ජාඇළ රන් භාණ්ඩ වෙළඳ සැලක් කොල්ල කෑම, 2018/12/28 කෙසෙල්වත්ත, අලුත්කඩේ මහේස්ත්‍රාත් උසාවි භූමියේදි වැල්ලේ සාරංග නැමැති පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම යනාදී චෝදනා මොවුන්ට එල්ල වී ඇති අතර මෙම සැකකරුවන් ඊයේ (22දා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29ක් වන වත්තල පදිංචි නාලක දිලීප් නොහොත් ආමි නාලක හා වත්තල පදිංචි අවුරුදු 26ක් වන ඔහුගේ බිරිඳ චාන්දනී සුදර්ශනි යන අය වේ.

සැකකරු අත්අඩංගුවට පත්වන විට ඔහු සන්තකයේ හොරොයින් ග්‍රෑම් 5.220ක් තිබී ඇත.