අපහාසාත්මක ලිපි මුද්‍රණය සදහා යොදා ගත් බවට සැක කෙරෙන පරිගණක් සහ ඡායා පිටපත් යන්ත්‍රයක් පොලිස් භාරයට
රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍යාංශයේ තිබී අපහාසාත්මක ලිපි මුද්‍රණය සදහා යොදා ගත් බවට සැක කෙරෙන පරිගණක යන්ත්‍රයක් සහ ඡායා පිටපත් යන්ත්‍රයක් පොලිස් භාරයට ගෙන ඇත.
ලෝක වෙළද මධ්‍යස්ථානයේ නැගෙනහිර කුළුණේ 36 වන මහලේ පිහිටි මෙම අමාත්‍යාංශයේ කාර්යාලයකින් ඒවා සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කළ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් තුන්දෙනා තවදුරටත් කොළඹ අපරාධ කොට්ඨාශ භාරයේ පසුවන බව ද ඔහු ප්‍රකාෂ කළේය.