අපේක්ෂකයන් ප්රවර්ධනය වන ආකාරයට පෝස්ටර් ප්රදර්ශනය කරන රියදුරන්ට නීතිමය පියවර
ජනාධිපති ධුර අපේක්ෂකයන් ප්රවර්ධනය වන ආකාරයට රථවාහනවල ප්රදර්ශනය කරන පෝස්ටර් හෝ කොඩි සම්බන්ධයෙන් සොයා බැලීමට හදිසි පරීක්ෂා කිරීම් සිදුකරන ලෙස පොලිස් මූලස්ථානය සෑම පොලිස් ස්ථානයකටම උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.
පොස්ටර් හා කොඩි ඉවත් නොකරන වාහන රියදුරන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසට පොලිස් මූලස්ථානය උපදෙස් ලබාදී ඇත.
