News

අභියාචනාධිකරණ සභාපති ධුරයට ජනාධිපති නීතීඥ කෝදාගොඩගේ නම ව්‍යස්ථාදායක සභාව අනුමත කරයි

අභියාචනාධිකරණ සභාපති ධුරයට අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩගේ නම ව්‍යස්ථාදායක සභාව මගින් ඒකමතිකව අනුමත කර ඇති බව වාර්තා වෙයි.

ඊයේ (23) රැස්වූ ව්‍යවස්ථාදායක සභාව මෙම තීරණය ගත් බවය කතානායක කාර්යාලය සඳහන් කළ අතර අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩගේ නම අභියානාධිකරණ සභාපති ධුරය සඳහා යෝජනා කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ය.