අමල්ගේ නිවස හා රයන්ගේ නිවස සෝදිසි කෙරේ
ඩුබායිහි දී අත්අඩංගුවට ගත් ගායක අමල් පෙරේරාගේ මහරගම නිවස සෝදිසි කළ පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එහි තිබී කොකේන් ඔතන ලද කොපු දෙකක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වෙයි.
එමෙන්ම රංගන ශිල්පී රයන් වැන්ඩන්ඩ්‍රස්ට්‍රායිගේ නිවස පරීක්ෂා කළ විශේෂ කාර්ය බළකාය ඔහුගේ සහෝදරයකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කුඩා ඩිජිටල් තරාදියක් සහ රහස් සාක්කු සහිත කළු පැහැති ගමන්මල්ලක් එම නිවසේ තිබී හමුවූ නිසා බව පොලිසිය සඳහන් කරයි.
පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ඒකාබද්ධව මෙම මෙහෙයුම සිදු කර ඇත.