News

අමල් සහ නදීමාල් වෙනුවෙන් ඩුබායි පොලීසිය හමුවේ නීතිඥ උදුල් කරුණු දැක්වීම අද

ඩුබායිහිදී අත්අඩංගුවට පත් ජනප්‍රිය ගායක අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් ඩුබායි පොලීසිය හමුවේ නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා අද දින කරුණු දැක්වීමට නියමිත බව සඳහන් වෙයි.

ඩුබායි නීතිඥයින්ගේ ද සහය ලබාගනිමින් අද පෙරවරුවේ කරුණු දැක්වීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළ අතර ඩුබායිහීදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායකයෙකු බව කියන මාකඳුරේ මධුෂ් ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය සිදුකළ පරීක්ෂණ මේ වන විට අවසන් කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

අත්අඩංගුවට පත් මෙම පිරිස ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කරන දිනයක් පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැත.

මාකඳුරේ මධුෂ් සමග ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා ඔහුගේ පුත් නදිමාල් පෙරේරා සහ රංගන ශිල්පී රයන් වැන්ග් රෝයන් ඇතුළු පිරිසක් ඩුබායි පොලිස් අත්අඩංගුවට පත් වූයේ පසුගිය 5 වෙනිදා ය.