News

අමල් හා නදිමාල් ඇතුළු පිරිස බන්ධනාගාර ගත කළ කාලය මාසයකින් දීර්ඝ කෙරේ

ඩුබායිහි අත්අඩංගුවේ සිටින ගායන ශිල්පී අමල් පෙරේරා හා ඔහුගේ පුත් ගායන ශිල්පී නදීමාල් පෙරේරා ඇතුළු පිරිස තවත් මාසයක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා සඳහන් කළේ අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා එරට පොලීසිය කැඳවූ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවයි.

අමල් හා නදිමාල් දෙදෙනා පසුගිය මස 5 වන දා දින ඩුබායිහි හෝටලයකදී අත්අඩංගුවට පත් වූයේ, පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ් ඇතුළු පිරිසක් සමග උපන් දින සාදයකට සහභාගී වෙමින් සිටියදීයි.

එහිදී අත්අඩංගුවට ගත් පිරිස 31ක්.

ඒ අතර මත්ද්‍රව්‍ය ජාවාරමට හා අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් පිරිසක් ද වනවා.