අමල් හා නදීමාල් ඩුබායි පොලිසියේ සින්දු කියයි
ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටින ගායන ශිල්පී අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදිමාල් පෙරේරාට අන්තර්ජාලයෙහි ඇති ඔවුන්ගේ ගීත ඩුබායි පොලිස් නිලධාරීන් ඉදිරියේ ගායනා කර තමන් ගායන ශිල්පින් වන බවට තහවුරු කරන ලෙස ඔවුන් පවසා ඇති බව සඳහන් වෙයි.
මේ අතර නදීමාල් පෙරේරාගේ රුධිර සාම්පල පරික්ෂා කිරීමෙන් අනතුරුව ඔහු මත්ද්‍රව්‍ය පරිහරණය කර නොතිබූ බවට අනාවරණ වී ඇති බවට ඔවුන් වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා ඩුබායි රාජ්‍ය වෙත ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න සඳහන් කරයි.
අන්තර්ජාලයේ ඇති ඔවුන්ගේ ගීත ඩුබායි පොලිස් නිලධාරීන් ඉදිරියේ වාදනය කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් අමල් හා නදීමාල් ප්‍රසිද්ධ ගායකයන් බවට තහවුරු කරගත් බව වාර්තා වෙයි.