නවතම ප්‍රවෘත්ති

අම්බලන්තොට ඩිපෝ සේවකයෝ වර්ජනයක

අම්බලන්තොට ලංගම ඩිපෝවේ සේවකයෝ අද 29 පස්වරුවේ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් වැඩ වර්ජනයක නියැළුණහ. සමස්ථ ලංගම සුරැකීමේ ඒකාබද්ද වෘත්තීය සමිතිය මේ උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

මූලික වැටුප 27500 දක්වා වැඩි කිරීම, සුදුසුකම් අනුව උසස්වීම් ලබාදීම, අනියම් සේවකයින් ස්ථිර කිරීම, රියදුරන්ගේ හා කොන්දොස්තරවරුන්ගේ ඇගිලි සලකුණු යන්ත්‍ර ඉවත් කිරීම, ආවරණ පත්වීම් ස්ථිර කිරීම යන ඉල්ලීම් ඉටුකර ගැනීම සදහා මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹුනු බව අම්බලන්තොට ඩිපෝවේ සේවක සංගමයේ සභාපති ඉන්දික චමින්ද රාමසිංහ පැවසීය. ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම ඉල්ලීම් ලිඛිතව ලබා දෙන තෙක් වැඩ වර්ජනය අඛණ්ඩව සිදු කරන බවයි.

ලංගම ඩිපෝ සේවකයින්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා අම්බලන්තොට ඩිපෝවේ සියලු බස් රථ ධාවනයෙන් ඉවත් වී තිබිණී.