අමාත්‍යවරයෙකුට හා ලේකම්වරයෙකුට එරෙහිව ජනපති කොමිසමට පැමිණිල්ලක්
යහපාලන ආණ්ඩුව කාලයේ සිදු වූ බව කියන දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පත් කළ ජනාධිපති කොමිසම හමුවේ ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුට හා අමාත්‍යාංශ ලේකම්වරයකුට එරෙහිව පැමිණිලි ගොනු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් සැලසුම් කර ඇති බව වාර්තා වේ.
පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන් දිගින් දිගටම විරෝධය එල්ල වී ඇති මෙම ඇමැතිවරයා පසුගිය කාලයේ සිදුකළ බව කියන දූෂණ හා වංචා සම්බන්ධයෙන් එසේ පැමිණිලි කිරීමට නියමිතය.
මීට අමතරව ප්‍රබල අමාත්‍යාංශයක ලේකම්වරයකු ලෙස කටයුතු කරන ඔහු මූල්‍ය ආයතනයක සභාපතිවරයකු ලෙස ද කටයුතු කිරීමේදී සිදු වූ දූෂණ වංචා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමට පැමිණිලි කිරීමට සැලසුම්කර ඇත.