අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා දෙවන වරටත් ජනපති කොමිසමට
අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පසුගිය සිව් වසර තුළ රාජ්‍ය ආයතනවල වංචා දූෂණ විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට අද දෙවන වරටත් කැඳවා ඇත.
මහපොළ භාරකාර අරමුදල තුළ සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව සාක්ෂි දීම සඳහා මෙලෙස ජනාධිපති පරීක්ෂණ කොමිෂම වෙත අමාත්‍යවරයා පැමිණෙයි.
මහපොළ භාරකාර අරමුදල තුළ එම වංචාව සිදුවන අවස්ථාවේ අමාත්‍යවරයා එහි සාමාජිකයෙකු වශයෙන් කටයුතු කර ඇති බව ජනපති කොමිසම සඳහන් කළ අතර අමාත්‍ය ගාමිණි ජයවික්‍රම මහතාට කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට අවශ්‍ය ලේඛන කිහිපයක් ලබා දෙන්නැයි උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට කොමිසමට මීට පෙර නියෝග කළ බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
