News

අමෙරිකානු ආරක්ෂක අංශ සමග කිසිදු ගිවිසුමක් නැහැ – අගමැති

අමෙරිකානු ආරක්ෂක අංශ සමඟ රජය කිසිදු ගිවිසුමකට එළඹ නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ රජය කිසි දිනෙක එවැනි ගිවිසුමකට එළඹ නොමැති බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඊයේ (06) පාර්ලිමේන්තුවේදී නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ.