අමෙරිකානු රාජ්‍ය ලේකම් ජනපති හමුවෙයි
මෙරට නිල සංචාරයක නිරත අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තිබේ.
වසංගත තත්ත්වයෙන් පසු ආර්ථිකය යථා තත්ත්වයට ගෙන ඒමේදී වැදගත් අංග වන විනිවිදභාවයෙන් යුත් වෙළඳ සහ ආයෝජන කටයුතු පිළිබඳව මෙම හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරන බව මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.
තානාපති කාර්යාල ට්විටර් ගිණුමේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මෙම හමුවේදී ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සඳහා පොදු කැපවීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බවයි.
වසංගතයෙන් පසුව ආර්ථිකය යථා තත්වයට ගෙන ඒමේදී වැදගත් අංග වන විනිවිදබවින් යුත් වෙළඳ සහ ආයෝජන කටයුතු පිළිබඳව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සඳහා අපගේ පොදු කැපවීම පිළිබඳව සාකච්ඡා කිරීමට පොම්පෙඕ රාජ්‍ය ලේකම්තුමා අදදින රාජපක්ෂ ජනාධිපතිතුමා හමුවිය.
— U.S. Embassy Colombo (@USEmbSL) October 28, 2020
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඊයේ (27) සවස මෙරටට පැමිණි අතර ඔහු මෙරටට පැමිණියේ ඉන්දීය සංචාරයකින් අනතුරුවය.