අයවැයෙන් පසු මැතිසබේ ‘හිටි පිනුම්’
අයවැය තුන්වැනි වර ඡන්ද අවස්ථාවෙන් පසුව යළිත් පාර්ලිමේන්තුවේ පිල්මාරු කීපයක් සිදු වීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
ආණ්ඩුවට ගිය ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් කිහිප දෙනකු යළිත් විපක්ෂයට එකතු වීමත්, එහිදී කිහිප දෙනකු ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතු වීමටත් නියමිත බව වාර්තා වේ.
මීට අමතරව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන් සිව් දෙනකු ශ්රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතු වීමටද නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ය.
මෙසේ ආණ්ඩුවට ගිය ශ්රීලනිප මන්ත්රීවරුන්ට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට ආසනයක් ලබා නොදීමත්, ඇමැති ධුර නොලැබීමත් එම පක්ෂයෙන් ප්රමුඛස්ථානයක් නොලැබීමත් යන කරුණු හේතුවෙන් ඔවුන් යළිත් නිදහස් පක්ෂයට එක් වීමට සාකච්ඡා කර ඇති බව සඳහන් වේ. ඉන් මන්ත්රීවරයෙක් ශ්රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වීමටද සාකච්ඡා කර තිබේ.
තවද ශ්රී ලංකා නිදහස් පක්ෂය හා ශ්රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා සාර්ථක නොවුණහොත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන් සිව් දෙනෙක් පොදුජන පෙරමුණ සමග එක්වීමටද සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
සුගන්ධි බස්නායක