අයවැය ගැන එජනිස අවසන් තීරණය අද
අයවැය අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය භාවිත කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද පස්වරුවේ පාර්ලිමේන්තු සංකිර්ණයේදී රැස්වීමට නියමිතය.
එම රැස්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුලූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එක්වීමට නියමිත අතර නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පෙරේදා රැස්වී ඇත.
එහිදී අයවැයට ඡන්දය ලබාදෙන ආකාරය පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට අද යළි රැස්වීමට එකඟතාවකට පැමිණ ඇති අතර
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව දැනටමත් දැනුම්දී ඇත.