News

අයවැය තුන්වන වර කියවීමේ දෙවන දිනය අදයි

අයවැය තුන්වන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අද පැවැත්වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අමාත්‍ය ධුරය දරන ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුර පළාත් සංවර්ධන, වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂයයි අද විවාදයට ගැනීමට නියමිතව ඇත.