අයවැය තුන්වන වර කියවීමේ විවාදය අද ඇරඹේ
අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය අදින් (13) ආරම්භ වීමට නියමිතයි.
අද සිට අප්‍රේල් 05 වනදා දක්වා අයවැය කාරක සභා විවාදය පැවැත්වෙන අතර එදිනම අයවැය තෙවන වර කියවිමේ ඡන්ද විමසීම පැවැත්විමට නියමිතයි.
2019 වර්ෂය සදහා වන අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය 05වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේය.
දෙවනවර කියවිමේ විවාදය පසුගිය 06 වනදා ආරම්භ වූ අතර දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ඊයේ (12) පස්වරුවේ සිදු විය.
එහිදී අයවැය දෙවන වර කියවිම වැඩි ඡන්ද 43 කින් සම්මත විය.
අයවැයට පක්ෂව ඡන්ද 119ක් ලැබී තිබූ අතර අයවැයට විරුද්ධව ඡන්ද 76ක් ලැබී තිබුණි.
මේ අතර ජනාධිපති වැය ශිර්ෂය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම අද පැවැත්විමට නියමිතව තිබේ.
ඒ සදහා පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර ඇති බව සදහන්.