News

අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

අයවැය 3 වන වර කියවීමේ ඡන්ද විමසීම හෙවත් කාරක සභා අවස්ථා ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය 5 වන දා අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර අද පැවැත්වෙන අයවැය ඡන්ද විමසීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දුව තවමත් අවිනිශ්චිතව ඇත.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කරන බවට මේ වන විටත් ප්‍රකාශ කර තිබන අතර අයවැය ඡන්දය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අද උදෑසන පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී සාකච්ඡා කිරීමට නියමිතය.