අයවැය දෙවනවර කියවීමේ විවාදය අද
2019 වර්ෂය සඳහා අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (06) ආරම්භ වෙයි. එම විවාදය අද සිට ලබන 12 වැනිදා දක්වා පැවැත්වෙන අතර එදින පස්වරුවේ දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.
අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය මාර්තු මස 13 වන දින සිට අප්‍රේල් මස 05 වන දින දක්වා පැවැත්වෙන අතර එදිනම අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදු කෙරනු ඇති බව අවර්ත වෙයි.
2019 වර්ෂය සදහා වන අයවැය යෝජනාවලිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඊයේ (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබු අතර වත්මන් රජයේ පස්වන අයවැය වන මෙය ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම ප්‍රධාන කොටගෙන සකස් වී ඇති බවය අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් මංගල සමරවීර අමාත්‍යවරයා සඳහන් කළේය.