අයවැය පෙබරවාරි 05
2019 වසර සදහා වන අයවැය වාර්තාව පෙබරවාරි මස 05 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
අයවැය විසර්ජන පනත් කෙටුම්පත ලබන 07 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය කර තිබෙනවා.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ කැබිනට් සන්දේශයක් අනුව මෙම තීරණය ගෙන තිබෙන්නේ.