News

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 26,492 දෙනෙකු පිඩාවට

අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රීකුණාමලය සහ වවුනියාව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 – 200 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම පවතින අධික වැසි හා නාය යෑම් හේතුවෙන් දිස්ත්‍රික්ක 13 කට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළ අතර
විවිධ ආපදා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 3 කි. පවුල් 7565 කට අයත් පුද්ගලයින් 26,492 දෙනෙකු ඉන් පීඩාවට පත් ව ඇත.

පුද්ගලයින් 11,916 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 90 ක රඳවා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.