News

අයිස් කිලෝ 2.9ක් සමග පුද්ගලයෙක් කටුනායක ගුවන් තොටේදී අත්අඩංගුවට

ඉන්දියාවේ චෙන්නායි නුවර සිටි ශ්‍රී ලංකාවට අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2.901ක් රැගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුළක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.

වයස අවුරුදු 68ක් වන මොහොමඩ් හසාන් මොහොමඩ් අක්රම් නැමැති මෙම සැකකරුවා වත්තල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

සැකකරු අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7ක රැඳවුම් නියෝග ලබාගැනිමට නියමිත අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාරදීමට නියමිතව තිබේ.