අරලියගහ මන්දිරයේ ගේට්ටුව අසළදී STF භටයෙකු වෙඩි තබාගෙන සියදිවි නසාගනී
අරලියගහ මන්දිරයට ඇතුළුවන පරිශ්‍රයේ රාජකාරියේ නියැලී සිටි පොලිස් විශේෂ කාර්ය බළකා භටයෙකු සිය රාජකාරි ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගෙන තිබේ.
අද උදෑසන 8.40ට පමණ මෙය සිදුව තිබේ.
මෙලෙස සියදිවි හානිකරගෙන තිබෙන්නේ කොල්ලුපිටිය පොලිස් වසමේ මයිකල් පාරේ මුස්ලිම් දේවස්ථානය අසළින් අරලියගහ මන්දියට ඇතුළු වන ගේට්ටු අංක 01 රාජකාරියේ නිරතව සිටි අගමැති කොට්ඨාශයට අනුයුක්තව රාජාකරියේ නිරතව සිටි භටයෙකු වේ.
ඔහු සිය රාජකාරි ගිනිඅවියෙන් ගෙල ප්‍රදේශයට වෙඩි තබාගෙන ඇති බව තොරතුරු වාර්තා වේ.
ඉන් අනතුරුව වහාම ප්‍රතිකාර සදහා මොහු කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇති අතර, ඉන් මද වේලාවකට පසුව මියගොස් තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ භටයෙකු වන පො.කො. 85462 දිල්රුක්ෂ සමරසිංහ මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
පෞද්ගලික කාරණයක් මත ඔහු මෙලෙස සියදිවි හානි කරගන්නට ඇති බවට තොරතුරු වාර්තා වේ.