අර්ජුනගේ ආරක්ෂක නිලධාරියාට ඇප
දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇති වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අර්ජුන රණතුංග අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීයා ඇප මත මුදාහැර ඇත.
මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ එහිදී නියෝග කර ඇත්තේ රුපියල් 25,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහැරීමටය.
එමෙන්ම ඔහුට විදෙස් ගමන් තහනමක් පැනවූ විනිසුරුවරයා සාක්ෂිකරුවන්ට හෝ විමර්ශනවලට බලපෑම් සිදුකළහොත් ඇප අවලංගු වන බවද ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.
2018 වසරේ ඔක්තෝම්බර් 28 වනදා හිටපු අමාත්‍යවරයාගේ මෙම ආරක්ෂක නිලධාරියා එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 3 දෙනෙකු තුවාල ලැබූ අතර පසුව ගෙලිඔය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකුු කොළඹ ජාතික රෝහලේදී ජීවිතක්ෂයට පත් විය.