News

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේනට ඇප

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් හා එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළා.

රුපියල් මිලියනය බැගින් වූ මුදල් ඇප හා රුපියල් මිලියන 2ක බැගින් වූ ශරීර ඇප හතරක් මත සැකකරුවන් මුදා හැරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ.

ඇපකරුවන් ලෙස පෙනී සිටින පුද්ගලයින් 4 දෙනාගෙන් දෙදෙනෙකු ළඟම ඥාතීන් විය යුතු බවට වන කොන්දේසියක් ද පනවා තිබෙනවා.

අර්ජුන් ඇලෝසියස්ට සහ කසුන් පාලිසේනට ඇප නියම කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කළා.

එමෙන්ම සතියේ සෑම ඉරිදා දිනකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවා.