අර්ජුන මහේන්ද්‍රන් පිටුවහල් කරන මෙන් ඉල්ලා සිංගප්පූරුවට ලියකියවිලි යවයි
හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට පිටුවහල් කරන මෙන් දන්වා ඊට අදාළ ලියකියවිලි සිංගප්පූරුවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වෙත විදේශ කටයුතු අමාත්‍යංශය විසින් යොමු කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.
විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අදාළ පිටුවහල් කිරීමේ ඉල්ලීම සිදු කළ බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරීනි නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේය.
