News

‘‘අරුණ’’ පුවතට ඇමැති රවීගේ අවධානය

විදුලිය ලබාදීමේදී සංස්ථාව ලබා ගන්නා තැන්පතු ගාස්තුව සම්බන්ධයෙන් මසක් ඇතුළත විසඳුමක් ලබා දෙන බව විදුලි බල හා බලශක්ති ඇමැති රවී කරුණානායක ‘‘අරුණ’’ට පැවසීය.

එසේ පාරිභෝගිකයින්ගෙන් ලබාගන්නා ස්ථාවර තැන්පතුවට පොලියක් ගෙවිය යුතු බවට විදුලි බල පනතේ 28 (3) සඳහන් අතර ඒ සම්බන්ධයෙන් පසුගිය සති දෙකේම ‘‘අරුණ’’ හෙළි කළේය. ඒ සඳහා ගෙවිය යුතු පොලී අනුපාතයද මහජන උපයෝගීතා කොමිසම මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

චමින්ද සේනාරත්න