අරුණ පුවතින් පසු හදිසි මරණ පරීක්ෂකවරුන්ට ආරක්ෂක කබා
කෝවිඩ් 19 නොහොත් නව කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට කිසිඳු සෞඛ්‍ය මෙවලමක් නොමැතිව දැවැන්ත අවාධානමක් දරමින් රාජකාරියේ යෙදෙන තමන් පිළිබඳව —අරුණ කල හෙලිදරව්වකින් පසු අගමැති මහින්ද රාජපඬගේ මැදිහත්වීමෙන් ආරක්ෂක කබා ඇතුලූ සෞඛ්‍ය මෙවලම් තොඟයක් ලැබුනු බව ශ්‍රී ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති අනුර හේරත් පැවසීය.
දිවයින පුරා රාජකාරියේ යෙදී සිටින හදිසි මරණ පරීක්ෂකවරු කොරෝනා රෝගයෙන් ආරක්ෂා වීමට ආරක්ෂාක කබා , මුව වැසුම් හා අත් වැසුම් ඇතුලූ කිසිඳු මෙවලමක් නොමැති බැවින් ඉදිරි දින කිහිපය තුල හදිසි මරණ පරීක්ෂකවරු තම රාජකාරියෙන් බැහැර වීමේ සූදානමක් ඇති බවට එම සංගමයේ සභාපති අනුර හේරත් සඳහන් කරනු ලැබුවේ ඉකුත් 08 වන දා කුරුණෑගල ශිඬණ රෝහලේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවක දීය.
එම ප්‍රවෘත්තිය ඊට පසුදින —අරුණ˜ ඊ පේපර් හී පල වූ අතර එය දුටු අගමැතිවරයා ශ්‍රී ලංකා හදිසි මරණ පරීඬවරුන්ගේ සංගමයට ආරක්ෂාක කබා ඇතුලූ භාණ්ඩ තොඟයක් පරිත්‍යාග කිරීමට උපදෙස් දුන් බව සංගමයේ සබාපති අනුර හේරත් කියයි. එම භාණ්ඩ සඳහා අනුග්‍රහය දක්වා ඇත්තේ ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය විසිනි.
ශ්‍රී ලංකා හදිසි මරණ පරීඬකවරුන්ගේ සංගමයට මෙම භාණ්ඩ ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති , අගමැති ප්‍රමුඛ රජයට හා ඒවා පරිත්‍යාග කල වාහන ආනයනකරුවන්ගේ සංගමයට මෙන්ම මාධ්‍යයට ද ස්තූති කිරීමේ අරමුණින් එම සංගමය විසින් පෙරේදා (12) තවත් මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුනි.
එහිදී කොරෝනා වෛරසය හේතුවෙන් හදිසි මරණ පරීඬවරුන් මුහුණ දී තිබූ තත්ත්වය අවබෝධ කරගත් අගමැතිවරයාට සිය හදපිරි ස්තූතිය පිරිනැමූ අනුර හේරත් මෙම පුවත පල කිරීම සම්බන්ධයෙන් —අරුණ˜ පුවත්පතට ද එම සංගමය වෙනුවෙන් විශේෂ ස්තූතියක් පල කලේය.
ජායාරූපයෙන් දැක්වෙන්නේ ශ්‍රී ලංකා හදිසි මරණ පරීඬකවරුන්ගේ සංගමයේ සභාපති අනුර හේරත් විසින් තම සංගමයට අගමැතිවරයාගෙන් ලැබුනු ආරඬක කබා ප්‍රදර්ශණය කරමින් ස්තූතිය පිරිනැමූ අවස්ථාවයි.
කුරුණෑගල – සම්පත් සෙනවිරත්න
