News

අල්ලස් හා දූෂණය වැළැක්වීමේ ජාතික ක්‍රියාකාරි සැලැස්ම සඳහා කැබිනට් අනුමැතිය

අල්ලස් සහ දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරි සැලැස්ම මේ වසරේ සිට 2023 දක්වා ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවට වාර්තා වෙයි.

අල්ලස් සහ දූෂණය තුරන් කිරීම සඳහා සියලූ රජයේ ආයතන සහ අනෙකුත් ආයතන සම්බන්ධයෙන් පොදුවේ ක්‍රියාත්මක වන ජාතික සැලැස්මක අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් මෙම සම්පාදනය කෙරෙයි.