News

අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම අද එළිදකී

මෙරටින් අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම අද (18) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීමට නියමිතව තිබේ.

මෙරට තුළ වංචාව සහ දුෂණය තුරන් කරමින එමඟින් ආර්ථික සමාජීය සංස්කෘතික සහ පාරිසරික වශයෙන් තිරිසර සංවර්ධනයක් උදාකරගැනීම මෙහි අරමුණ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.

වසරක පමණ කාලයක් අල්ලස් පනතේ අල්ලස, දුෂණය, වත්කම්, බැරකම්, දඬුවම් සහ වෙනත් ඊට අදාළ දුර්වප නීති රීති අනපනත් වලට සම්බන්ධ කරුණු කැබිනට් මණ්ඩල අනුමැතියෙන් සංශෝධනය කර ඒ අනුව මෙම නව නීති රීති ඇතුළත් පස් අවුරුදු ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කර තිබේ.

මෙරට සියළු රාජ්‍ය ආයතව ව්‍යුහයන් තුළ අල්ලස නිවාරණය හර පද්ධති වැඩිදියුණු කිරීම දඬුවම් ක්‍රමවේද සහ නීති ප්‍රතිපත්ති සංශෝධනය කිරීම යන ප්‍රධාන සාධක පදනම් කර ගනිමින් මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කර ඇති අතර එහිදී සාකච්ඡා වට 40ක් පමණ පවත්වා ඊට අදාළ අදහස් වීමසීමට පියවර ගෙන ඇති බව සඳහන්.