අලි මරණවලට හේතුව අවිධිමත් සංවර්ධනයයි – වනජීවී නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම
සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ සහ ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සැරිසැරූ අලි රංචුවක් පෙරිආරුව අතු ගංගාවේ පුදූර් කොටසේ මඩේ එරී මිය යෑම අවිධිමත් සංවර්ධනයේ ප්‍රතිඵලයක් බව වනජීවී නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා ‘අරුණ’ට පැවසුවේය.
“මෙතන අලි මාරුවෙන මංකඩක්. මීට ටික දිනකට කලින් මේ ප්‍රදේශයට විශාල වැස්සක් වැටිලා තියෙනවා. ඒ වැස්සට පාවෙලා ඇවිත් ජපන් ජබර අඩි 2ක 3ක තට්ටුවක් මෙතන හිරවෙලා තියෙනවා. ඒ විදියට ජපන් ජබර හිරවෙන්න හේතුව මේ ආසන්නයේ තියෙන පටු පාලමක්. නිවැරදි අධ්‍යනයක් කරන්නෙ නැතිව කළ ඉදිකිරීම නිසා තමයි මේ අවාසනාවන්ත සිද්ධියවෙලා තියෙන්නෙ.
“මේ වන විට අලි 7දෙනකුගේ සිරුරු සොයා ගෙන තියෙනවා. තවත් අලි පැටව් 3ක් හෝ 4ක් මෙතන එරිලා ඉන්නවා කියලා අපි විශ්වාසකරනවා” යැයිද ඇමතිවරයා පැවසීය.