News

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය අසළ උද්ඝෝෂණ තහනම්

කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ බල සීමාව තුළ නීති විරෝධි අයුරින් සාමය කඩවන ලෙස මහජනතාවට සහ දේපොළවලට අවහිර වන ලෙස උද්ඝෝෂණ, රැස්වීම් හා පෙළපාලි තහනම් කරමින් අද අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.

සිංහල ජාතික බලමුළුවේ කැඳවුම්කාර පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්, රාවණාබලය කැඳවුම්කාර පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්ට සහ රැස්වීම් සහ උද්ඝෝෂණවලට සහභාගිවීමට නියමිත පිරිසට අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය කර ඇත.

ලබන 10 වැනි දා එලෙස උද්ඝෝෂණ රැස්වීම් හා පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් එම අධිකරණ නියෝගය නිකුත් කර ඇත.