අලුත් අවුරුද්දට බස් සංගම්වලින් තෑග්ගක්
අවස්ථා තුනකදී ඩීසල් මිල අඩු වීම නිසා බස් ගාස්තුව සියයට පහකින් පමණ පහත දැමිය හැකි තත්ත්වයක් ඇති බවට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් ‘අරුණ’ට පැවසීය.
පළමු ගාස්තුව රුපියල් 12 ක මුදල හැර සෙසු ගාස්තු අඩුකළ හැකි බව ඒ මහතා සඳහන් කළේ ය. පසුගිය සිකුරාදා එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම මුදල් ඇමැති මංගල සමරවීර ඉදිරිපත් කළ අතර එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් පහකින් (5) හා සුපිරි ඩීසල් ලීටරය රුපියල් 10 කින් අඩුකරන බවයි.
මීට පෙර අවස්ථා දෙකකදී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මගින්ද ඩීසල් ලීටරයක් රුපියල් හතකින් හා රුපියල් පහකින් මිල අඩු කළේ ය.
ලබන සතියේ දී ජාතික ගමනාගමන කොමිසම සමග සාකච්ඡා කර බස් ගාස්තු සංශෝධනයට අදාළ ජාතික ප්‍රතිපත්තිය අනුව බස් ගාස්තු අඩුකරන බව ප්‍රියන්ජිත් පැවසීය.