අලුත් අවුරුද්ද උදාවෙයි
අද පස්වරු 2.09ට සිංහල අලුත් අවුරුද්දේ උදාව සිදුවිය.
මෙවර අලුත් අවුරුද්දේ ආහාර පිසීමේ නැකත අපරභාග 02.42 ට යෙදී ඇති අතර එහිදී රතු සහ කහ මිශ්‍ර, තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරි බතක්ද, ඉඟුරු, ගම්මිරිස්, තිප්පිලි යන කුළු බඩු ඇතුළත් අග්ගලා සහ කැවුම් පිළියෙළ කරගැනීම යෝග්‍ය බවයි නැකත් චාරිත්‍රවල දැක්වෙයි. එමෙන්ම වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභවය අපරභාග 03.54 ට යෙදෙන සුබ මොහොතින් සිදුකළ යුතුයි.
රතු සහ කහ මිශ්‍ර තඹ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලුවැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය සිදු කළ යුතු බව නැකැත් චාරිත්‍රවල සඳහන් වෙයි.