අලුත් වෑන් රථය ජිවිතයක් බිලිගනියි
කොළඹ සිට යාපනය බලා ධාවනය වු අලුතින් මිළදි ගත් වෑන් රථයක් යාපනය පලෙයි ප්‍රදේශයේදී ටිපර් රථයක අද(03) අලුයම ගැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පලෙයි පොලිසිය පවසයි.
පොලිසිය පැවසූවේ කොළඹ සිට ලබාගත් නව වෑන් රථය යාපනය මීසාලෙයි ප්‍රදේශයට රැගෙන යන අවස්ථාවේ නවත තිබු ටිපර් රථයක ගැටී ඇති බවයි. අනතුරින් වෑන් රථය ධාවනය කළ රියදුරු ජිවිතක්ෂයට පත්ව ඇති බවද පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූවේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුව ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
වවුනියාව – මාධව කුලසූරිය