අලුත් විශ්වවිද්‍යාල හතරක් ආරම්භ කරයි
ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට පරිබාහිරව මෙම වසරේ දී විශ්වවිද්‍යාල හතරක් අලුතින් ඇති කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබේ.
එම කොමිෂන් සභාව යටතේ මෙම නව විශ්වවිද්‍යාල ආරම්භ කෙරෙන නමුත් ඒ සඳහා සිසුන් ඇතුළත් කෙරෙන්නේ ජාතික විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදයෙන් ද පරිබාහිර ව ය.
මෙම තීරණයට අනුව සියලුම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ එක් කරමින් ගුරුවරුන් බිහි කිරීම සඳහා නව විශ්වවිද්‍යාලයක් පිහිටුවනු ලැබේ. දැනට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් ලබා දෙන ශික්ෂණලාභී ඩිප්ලෝමාව උපාධියක් බවට පත්කෙරේ. මීට අමතරව පුහුණු හෙදියන් පද්ධතියට එක් කිරීම වෙනුවෙන් වෙනම විශ්වවිද්‍යලයක් ද ඇති කර හෙද විදුහල්වල පාඨමාලා මෙම විශ්වවිද්‍යාලය යටතට පත් කෙරේ.
එමෙන්ම වැවිලි ක්ෂේත්රයේ පර්යේෂණ කටයුතු වෙනුවෙන් තවත් විශ්වවිද්‍යාලයක් ඇති කෙරෙන අතර තේ, රබර් හා පොල් පර්යේෂණ කටයුතුවලට අදාළ ආයතන මෙම විශ්වවිද්‍යාලය යටතට පත් කිරීමට සැලසුම් කෙරේ. තව ද ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය ද විශ්වවිද්‍යාල මට්ටමට උසස් කර ඇතුළත් කෙරෙන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට නියමිත ය.
අලුතින් ඇති කෙරෙන මෙම විශ්වවිද්‍යාල සඳහා ලබන අගෝස්තු මස පැවැත්වෙන උසස් පෙළ විභාගයේ සිට සිසුන් ඇතුළත් කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ඊයේ ( 22 වැනිදා) පැවසීය.
නිලන්ත මදුරාවල