අල ගොවීන්ගේ හිඟ මුදල් ගෙවීමට රජයෙන් මිලියන 75ක්
ඌව පළාතේ අර්තාපල් ගොවීන්ගෙන් මිලදීගත් නිෂ්පාදන සදහා ගෙවිය යුතුව තිබු හිඟ මුදල් ගෙවීම සදහා රුපියල් ලක්ෂ 750 ක් මුදලක් සී/ස ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිති සංගමය වෙත ලබා දීම සදහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
කාලයක් තිස්සේ ගොවීන් තම අර්තාපල් අස්වැන්න සදහා සාධාරණ මිලක් ලබා ගැනීමට සහ විකුණා ගැනීමට අරගලයක නිරත වු අතර පසුගිය කාලයේ ඒ සදහා විවිධ ගොවි උද්ඝෝෂණ පවා සංවිධානය කර පාලකයන්ට තම ඉල්ලීම් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී.
ඒ අනුව ගොවීන්ට අතරමැදියන්ගෙන් තොරව සාධාරණ මිලකට තම අස්වැන්න මෙම සමුපකාර සමිතිය හරහා විකුණාගත හැකිව තිබුනත් පසුගිය රජය සමයේ ගොවීන්ගෙන් මිලදී ගන්නා ලද නිෂ්පාදන සදහා මුදල් ගෙවීම හරියාකාරව සිදුවී නොතිබුනි.
නව රජය බලයට පත්වීමත් සමග අර්තාපල් වගා කරන ගොවි සංගම් සහ සී/ස ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිති සංගමය එක්ව වෙළද, පාරිභෝගික, සමුපකාර සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට කල කරුණු පැහැදිලි කිරීම මත අමාත්‍යවරයා විසින් මේ පිළිබදව අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා දැනුවත් කර මේ සදහා කඩිනම් විසදුමක් ලබා දීම සදහා ක්‍රියා කරුණු ලැබීය.
ඒ අනුව අතිගරු ජනාධිපතිතුමන් විසින් ගොවීන්ගේ අදාල හිඟ මුදල් ගෙවීමටත් ඉදිරි අස්වැන්න මිලදී ගැනීම සදහාත් ඉදිරිපත් කර තිබු කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර මාස 6 ක කාලයක් තුල ආපසු ගෙවන පදනම මත සී/ස ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිති සංගමය වෙත මෙම ප්‍රතිපාදනය ලබා දීමට මහාභාන්ඩාගාරයට නියෝග කර ඇත.
ඒ සදහා වන චෙක්පත අද දින වෙළද, පාරිභෝගික, සමුපකාර සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් සී/ස ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිති සංගමයේ අධ්‍යක්ෂ මොහොමඩ් රියාස් මහතා වෙත බාර දුන් අතර මේ අවස්ථාවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ අතිගරු ජනාධිපතිතුමා මීට ප්‍රථම මෙම ගොවි ගැටළුව විසදීම සදහා එවක මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාට කීප අවස්ථාවක් දැනුම් දුන්නද එය ඉටු නොවුන බවත් නමුත් නව රජය බලයට පත්වු සැනින් ගොවි ජනතාවගේ සහ පාරිභෝගික ජනතාවගේ දැවෙන ප්‍රශ්න රැසකට කඩිනම් විසදුම් ලබා දීමට වත්මන් රජය ක්‍රියා කල බවයි.
චෙක්පත් ප්‍රධාන අවස්ථාව සදහා අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර, අමාත්‍යාංශ නිළධාරීන් සහ සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් සහභාගී වුහ.