News

අවදානම් දිස්ත්‍රික්ක වලින් පොලොන්නරුවට පැමිණීම තහනම්

කොවිඩ්-19 වෛරසය හේතුවෙන් දිවයිනේ නම් කර ඇති අවදානම් රතු දිස්ත‍්‍රික්කවල සිට අත්‍යාවශ්‍ය සේවාවන්හි හැර වෙනත් වෙනත් කිසිදු පුද්ගලයෙකුට පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට ඇතුලූවීම තාවකාලිකව තහනම් කර තිබේ.

පොලොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා සදහන් කළේ අද (23) එම තීරණය ගත් බවයි.‍

ඒ අනුව අනෙක් දිස්ත්‍රික්කවල සිට පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට පැමිණෙන අයද අනිවාර්යයෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ සහතිකය මත පැමිණිය යුතුයි.