News

අවුරුදු කටේ ආහාර ද්‍රව්‍ය අලෙවිය පහත වැටේ

වෙනත් වර්ෂවලට සාපේක්ෂව මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවියේ ශීඝ්‍ර පහත වැටීමට ලක්ව ඇති බව හතරවැනි හරස් වීදියේ තොග වෙළෙඳ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක හේමක ප්‍රනාන්දු පැවසීය.

වෙනත් වර්ෂවලට අනුව අප්‍රේල් පළමු සතිය වන විට දිනකට පිටකොටුව හතරවැනි හරස් වීදියෙන් ලොරි තුන්දහසක් පමණ පිටත් වන අතර මේ දිනවල දිනකට ලොරි 1500ක් පමණ පිටත් වන බව ඒ මහතා සඳහන් කළේය.

දඹුල්ල, වැලිසර, තඹුත්තේගම, බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය ආදී ප්‍රදේශවල පිහිටි විශේෂ ආර්ථික මධ්‍යස්ථානවලට මේ කාලයේදී මීට පෙර වර්ෂවල පැමිණි ලොරි ප්‍රමාණයෙන් සියයට පහක පමණ අඩුවක් දක්නට ලැබෙන බවට තොරතුරු වාර්තා වී ඇති බවද ඔහු සඳහන් කළේය.